ජාතික සේවක සංගමයට සාධාරණයක් නැති ලු!

united-national-party-unp-sri-lanka

ජාතික සේවක සංගමය යනු එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති පෙරමුණ යි. වසර 15ක පමණ ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ සන්ධානය විසින් පාලනය කරන ලද රජයන් පැවති බැවින් එකී සේවක සංගමයට බොහෝ අසාධාරණකම් වුණු බව ඔවුහු පවසති. රාජපක්ෂ රජය වෙත සහය නොදැක්වීමේ හේතුවෙන් මේ සේවක සංගමයේ සාමාජිකයන්ට තම ආයතනයේ උසස්වීම් ආදිය කප්පාදු වී තිබුණු බවත්, උසස්වීම් තබා මේසයක් පුටුවක් ලබා ගැනීමත් එකල මහ අමාරු දෙයක් ව තිබුණු බවත් එකී සේවක සංගමයේ සාමාජිකයන්ගේ අදහස යි. අනෙක් අතට සිය සේවක සංගමයෙන් 90%ක් පමණ දෙනා එම හිරිහැර ඉවසනු බැරි ව සේ ම විවිධ වරදාන පිණිස මහින්ද රෙජිමය සමඟ එක් වූ බව ද ඔවුහු කියති.

යහපාලන ආණ්ඩුව පැමිණි පසුව ද කිසි අයුරකින් තමන්ට සාධාරණයක් ඉෂ්ට නොවුණු බව ඔවුන්ගේ අදහසයි. තම ප්‍රමාද වූ උසස්වීම්, හිමිකම් ආදිය නොලැබීම නිසාවෙන් ජාතික සේවක සංගමයේ බොහෝ දෙනා කණස්සල්ලෙන් සිටින බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.