සටන් පාඨ අහිමිවුණු විමල්!

wimale

මතස්‍යයාට ජලය මෙන් විමල් වීරවංශට පවතින්නට සටන් පාඨ නැතිව ම බැරි ය. විමල් ගෝස්තරය සොයා ගන්නේ, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතාවල සිට වාහන අනතුරු දක්වා සටන් පාඨ නිර්මාණය කරගනිමිනි.

පාඨලී චම්පික ඇමැතිවරයාගේ වාහනයක වැදී අනතුරට ලක් වුණු තරුණයා සම්බන්ධ සිද්ධියේ දී විමල්ගේ ප්‍රකාශය නිසාවෙන් පෙනෙන්නට තිබෙන්නේ, ඔහු දැන් සටන් පාඨ හිඟන්නෙක් බවට පත් ව ඇති අයුරු ය. පාඨලී ඇමැතිවරයා හෝ කුමන ඇමැතිවරයෙක් අතින් අනතුරක් සිදු වුව ද ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය. නමුත්, ඇමැතිවරයෙක් සම්බන්ධ යම් අනතුරකදී වැරදිකරුවා වන්නේ ඇමැතිවරයා ම කියා ඉඳුරාම කියන්නට බැරි ය. අනෙක් වාහනය පදවාගෙන ආ තැනැත්තා මාර්ග නීති කඩකර හෝ බීමත් ව සිට ඇත්නම් වරද ඔහුගේ ය. පාඨලී ඇමැති සුද්ද කරන්නට වුවමනාවක් අපට නැත. මෙම සිද්ධිය ගැන රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක නොවන්නේ නම් අපි ඒ ගැන ද කතා කරන්නට නොපැකිළ ඉදිරිපත් වන්නෙමු.

නමුත්, විමල් වීරවංශලා මැදිහත් වන්නේ සද්දෙට අධෝවාතයක් ගියත් එය යහපාලන ආණ්ඩුවේ වරදක් කියන්නට බලාගෙන ය. එම අනතුර ගැන ද ඔහු අදහස් ප්‍රකාශ කරන ආකාරය විසුළු සහගත ය. ඩිපෙන්ඩර් රථයකින් හප්පාගෙන ගොස් ඇතැයි කියා මුරගාන ඔහු එම වාහනය කුමක් දැ යි කියාවත් නොදැන කතා කළ බව පැහැදිලි ය.

විමල් වීරවංශලාට ගසා කෑමේ ඉඩ-කඩ අහිමි වීමේ වේදනාව මේ තුළින් පිළිබිඹු වන බව කිව යුතු ය. දැන් අතට අසුවන දේවලින් පහර දෙන්නේ ඒ නිසා ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.