විමල් සහ ගෝඨාභය ජපන් යාමේ රහස කුමක් ද?

wimal gota

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ හිටපු ආරක්ෂක ලේකම් විමල් වීරවංශ ලබන සතියේ ජපානයට යෑමට කටයුතු සූදානම් කෙරෙන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි.

මෙම ගමනෙහි මූලික අරමුණ වන්නේ, නව පක්ෂයේ නායකත්වයට පත් කිරීමට නියමිත ගෝඨාභය රාජපක්ෂව ජපානයේ විමල් පාක්ෂිකයන්ට මුණගැස්වීම යි. විමල් වීරවංශ විසින් ජවිපෙන් ඉවත් වෙද්දී ජපානයේ ජ.වි.පෙ. ආධාරකරුවන් කිහිපදෙනෙක් මුළා කොට ගත් බව බොහෝ අය දන්නා කරුණකි. ඒ අතරින් ජපන් සමන් යනුවෙන් හඳුන්වන ව්‍යාපාරිකයා ප්‍රධාන ය.

ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට එන්නේ අලුතින් බව පෙන්වන්නට මේ නඩය උත්සාහ කළත් ඇත්ත වශයෙන් ම ගෝඨාභය දේශපාලනයට ආවේ ආරක්ෂක ලේකම් ධුරය භාරගත් දා සිට ය. ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කරමින් ම නිර්ලජ්ජිත ලෙස, නීතිවිරෝධී ලෙස දේශපාලන වේදිකාවට ගොඩ වුණු ඔහුගේ පැටිකිරිය ජනතාවට අමතක නැත.

විමල් විසින් ඔහුව ජපානයට ගෙනයන්නේ තම ගෝස්තරය ද බේරාගත ගත යුතු බැවිනි. ඒ එන මුදල් ටික නැති වුවහොත් අත්වන ඉරණම කාටත් වඩා දන්නේ විමල් ම බැවිනි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.