බැසිල් ඒකාබද්ධ විපක්ෂය මිලදී ගනී (විශේෂ )

basil-rajapakseවිමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ඇතුළු මෙරට සුළු පක්ෂ නායකයින්ට කිහිපදෙනෙකු පැරදුණු මහින්ද පෙරටුව සකසා අටවා ගත් ‘ඒකාබද්ධ විපක්ෂය’ පැවති රාජපක්ෂ රෙජීමයේ මූල්‍ය ඡාවාරම් කරුවා නොහොත් ඩීල් කරුවා ලෙස විරුදාවලිය ලැබූ බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගෙන ඇතැයි එහි අභ්‍යන්තර තොරතුරු ඔස්සේ වාර්තාවේ.

මේ සඳහා මීට පෙර මෙහි මුල්‍ය අනුග්‍රහයත්වය දැක්වීමට කළු සල්ලි සුදු කිරීමේ ඡාවාරම්කරුවන් කිහිපදෙනෙකු ඉදිරිපත් වූ අතර එහෙත් ඒ සියල්ලන්ටම මහින්ද රාජපක්ෂගේ එකඟ වී නැත. ඒ අතර විමල්ගේ මුදල් පොම්පකරු වන ජපන් සමන් ද විය. ගම්මන්පිලගේ ඕස්ට්‍රේලියානු කළු සල්ලි ඡාවාරම් මුදල්ද විය. එහෙත් ඒ සියල්ල මහින්දගේ තනි තීරණය මත ඉවත විසි වී ඇති අතර විමල්, ගම්මන්පිළ සහ දිනේෂ් ඊට දැඩි විරෝධය දක්වා ඇත.

එම අවස්ථාවේ මාරා වේෂයෙන් මහින්ද එක දිගට පවසා ඇත්තේ, “උඹලට ඕනි විදියට මාව කඩේ අරින්න ලැස්ති වෙන්න එපා. මම කියන විදියට උඹලා වැඩ කරනවා මිසක. මම එනවා නම් එතන මාගේ ජාතේක උන් ඉන්න ඕනි. පිටින් ආපු ගොඩක් උන් කළේ මට ඇරලා ගියපු එක. බැසිල් කියන්නේ මයෙම එකෙක්. අපි එක අම්මයෙ කුසින් උපන් දරුවො. මට ඔහෙලව සැකයි කියනවා හෙම නෙවෙයි. ඒත් වූ මගෙම එකා’ යැයි පවසා ඇත.

ඒ මොහොතේ තුස්නිම් භූතව එකිනෙකාගේ මුහුණු දෙස බලා සිටි විමල්, ගම්මන්පිල, දිනේෂ් ඇතුළු පිරිස ‘හරි සර් හොඳයි එහෙනම් එහෙම කරමු’ යැයි පවසා නිහඬව ඇත.

ඒ මොහොතේම මහින්ද බැසිල් අමතා එම ස්ථානයට කැඳවා පරණ හිත අමනාප කම් අමතක කර අපි සැමගේ ජයග්‍රහණය වෙනුවෙන් එකාවන්ව කටයුතු කරන ලෙස පවසා ඇත.

බැසිල්ද සුහද සිතින් ඒ මොහොතේම රුපියල් මිලියන 50 ක් ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනය වෙනුවෙන් ආයෝජනය කර එම ඒකාබද්ධ විපක්ෂයේම සින්නක්කර අයිතිය ලබාගෙන ඇතැයි ද වාර්තාවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *