බ්ලූ මවුන්ටන් ආසියාවේ නැගී එන වෙළඳ සන්නාමය ලෙස කිරුළු පළඳී

Blue Mountain මෑතකදී 2016 වසර සඳහා බැංකොක්හිදී පවත්වනු ලැබූ තෙවන ආසියානු වෙළඳ සන්නාම සහ නායකත්ව සම්මාන උළෙලේදී දේපළ වෙළඳාම් අංශය වෙනුවෙන් ආසියාවේ නැගී එන වෙළඳ සන්නාමය සඳහා පිරිනැමෙන ගෞරවාන්විත සම්මානයෙන් පිදුම් ලැබීමට බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය වරම් ලැබීය.

මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වමින් බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා පැවසූයේ විශ්වසනීය, වෘත්තීමය සහ තත්වයෙන් වඩා උසස් වෙළඳ නාමයක් ලෙස මෙරට දේපළ වෙළඳාම් අංශය තුළ කීර්තිය දිනා ගැනීමට නිරන්තරයෙන් වෙර දැරූ තම ව්‍යාපාරයේ ක‍්‍රියා පිළිවෙත තව තවත් සවිබල ගැන්වීමටත්, සිය ව්‍යාපෘතීන්හි අගය තහවුරු කරලීමටත් හේතුවන දිරිගැන්වීමක් වන ආසියාවේ නැගී එන වෙළඳ සන්නාමය ලෙස සම්භාවනාවට පාත‍්‍ර වන්නට ලැබීම මහත් සතුටට කරුණක් බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.