මහා පරිමාණ දූෂණ වංචා පරික්ෂණවල තොරතුරු මෙන්න!

Bribe_Money

රාජපක්ෂ යුගය යනු මෙරට ඉතිහාසයේ වැඩි ම මූල්‍ය වංචා සිදුවුණු යුගය ලෙස සැලැකිය හැකි ය. මේ සොරකම් වංචාවලට එරෙහිව විවිධ සංවිධාන නඩු පැවරූ අතර එ්වා ගැන අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම පරික්ෂණ පැවැත්වීම කඩිනම් කළේ ආණ්ඩු මාරුවෙන් පසුව ය.

මේ වංචා දූෂණවලට එරෙහිව බොහෝ පැමිණිලි කළ ජනමතය අවදි කළ සංවිධානයකි, දූෂණ විරෝධී පෙරමුණ. පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් තම පරික්ෂණවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් දූෂණ විරෝධී පෙරමුණ වෙත එවා තිබේ. එය සැලකිල්ලෙන් බැලූවිට පෙනී යන්නේ බලවත් ප්‍රභූ පවුල් සම්බන්ධ පරික්ෂණ ඇත්තේ බොහෝ විට තවමත් පරික්ෂණ මට්ටමේ බවයි.

සිරිලිය සවිය සංවිධානය හිටපු ආර්යාවගේ ය. එහි මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ද පරික්ෂණ අවසන් නැත.

වානේ සංස්ථාවේ සිදුව ඇති අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ල වී ඇති අතර ඒවා ද ඇත්තේ පරික්ෂණ අවසන් නොවී ය.

මිහින් ලංකා මහා පරිමාණ දූෂණ ගැන ද ඇත්තේ එවැනි ම තත්වයකි. නමුත් දැනගන්නට ඇත්තේ ඒවා අවසන් අදියරේ පවතින බවකි.

නිල් බලකාය සම්බන්ධ මූල්‍ය අපහරණ ‍පරික්ෂණය ද ඇත්තේ තවමත් සිදු කෙරෙමිනි. රක්ෂණ සංස්ථාවෙන් අයුතු මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් එයට චෝදනා එල්ල වී තිබේ.

හිටපු ජනපතිවරයාගේ ඥාතීන් විසින් නිලාවැලි ප්‍රදේශයේ හෝටල් ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉඩම් ලබා ගැනීම සම්බන්ධ පරික්ෂණ ද විමර්ශන කෙරෙමින් පවතින ‍ලිපි ගොනුවකි.

හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයෙකු තංගල්ල නගරාසන්නයේ බේ හොටෙල් නම් ආයතනය මිලදී ගැනීම හා සංවර්ධනය කිරීමට දේපළ උපයාගත් ආකාරය පිළිබඳ පරික්ෂණ ද මූලික විමර්ශනවලින් එහාට ගොස් ඇත්තේ නැත.

හිටපු ජනපතිවරයා ස්වාධීන රූපවාහිනී සේවයේ මුදල් නොගෙවා දැන්වීම් ප්‍රචාරය කිරීම සම්බන්ධ පරික්ෂණ තවම පටන්ගෙනවත් නැත.

තවත් මෙවැනි ප්‍රභූ මට්ටමේ වංචාවලට අදාළව පරික්ෂණ ඇත්තේ මන්දගාමීව බව පෙනී යයි. ‍යහපාලනයට ඡන්දය දී වසරක් ඉකුත්ව ඇතත්, කෝ ‍හොරු ඇල්ලුව කියා අසන ප්‍රශ්නයට උත්තරයක් නැත්තේ ඒ නිසා ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.