විදුලි බල මණ්ඩලය හොර ගුහාවක්!

20160325060308!Ceylon-Electricity-Board

ලංකා විදුල බල මණ්ඩලය යනු අතිශයින් දූෂිත ආයතනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහි අරක්ගෙන සිටින නිලධාරි පැළැන්තිය ඉතා සංවිධානාත්මකවට කූට ආකාරයෙන් විදුලි අර්බුදය පිටින් දමා තම මඩිය තර කරගන්නා බව ඊයේ (7) වැනි දා පාර්ලිමේන්තුව ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හෙළ කර සිටියේ ය.

මොන ආණ්ඩුව මාරු වුවත් මේවායේ අරක්ගෙන සිටින ප්‍රේත කුම්භාණ්ඩයන් මෙන් නිලධාරි රොත්තක් නිසා ජනතාවට වන සේවයක් නැති බව ඒ කතාව ඇසුවෙකුට මොනවට පැහැදිලි වෙයි.

රටේ පවතින් විදුලි අර්බුදය දඩමීමා කරගෙන මුදල් උපයා ගැනීම මේ පහත් කූට ව්‍යාපාරයේ එක් අරමුණකි. විදුලි අර්බුදය මගින් දේශපාලන අධිකාරිය බියගන්වන මෙකියන නිලධාරින් තමන්ට ද කොටස් ඇති කුඩා පරිමාණ විදුලි බලාගාරවලින් විදුලිය මිල දී ගැනීමට රජයට යෝජනා කරති. රට අඳුරේ තැබීමෙන් තම දේශපාලන ව්‍යාපෘතියට ද කණකොකා හඬනා බව දන්නා ඇමැතිවරයා ඊට එකඟ වන අතර එවිට මෙකී තක්කඩින්ගේ කරල පැහෙන්නේ ය.

ඊයේ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා හෙළදරවු කළ ආකාරයට, ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා විදුලි බල මණ්ඩලයට සේවා සපයන ආයතන 15ක සභාපති ධුරය දරන බැව් කියැවේ.

වැටත් නියරත් කුඹුරට බැස ගොයම් කනවිට අමාරුව පවසන්නේ, කවරෙක්ට ද?

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.