බදු වැඩි වුණත් බිල වැඩිවෙන්නේ නැහැලු

taxඑලඹෙන 02 වැනිදා සිදු කෙරෙන බදු සංශෝධනයෙන් විදුලි බිල්පත්වල සහ ජල බිල්පත්වල සංශෝනයක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

දැනට පවතින වැට් බදු ප්‍රතිශය 11% සිට 15% දක්වා ඉහළ දැමීමක් සිදු වන අතර එහිදී ජල හා විදුලි බදු 11% හි ම පවතින බව පෙන්වා දුන් ඒ මහතා සුබසාධාන ආර්ථිකයක් පවතින රටක ආදායම් ලබා ගැනීම සඳහා වක්‍ර බදු ක්‍රමයක් අනුගමනය කළ යුතු බව ද සඳහන් කරයි.

නව බදු සංශෝධනය අනුව පුද්ගලික සෞඛ්‍ය සේවාව සඳහා එකතු කළ අගය මත බද්ද ඇතුළත් කර ඇති අතර මෙහිදී ඖෂධවල ගාස්තු කිසිදු ආකාරයකින් මිල වැඩි වීමක් සිදු නොවන බවත් පෞද්ගලික රෝහල්වල සේවා ගාස්තුව පමණක් වැඩි වන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව ඉදිරියේදී පුද්ගලික රෝහල්වල සැත්කම් ගාස්තු විශාල වශයෙන් ඉහළ යෑමේ අවදානමක් පවතින අතර මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පුද්ගලික රෝහල් කරා ඇඳෙන මධ්‍යම පාන්තික පවුල් බහුතරයක් අසරණභාවයටත්, අපහසුතාවයටත් පත්වනු ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.