ලෝක බැංකු ණය වෙනුවෙන් කොන්දේසි මොනවා ද?

1944172970imf2

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින බරපතල ආර්ථික අර්බුදය සමහන් කරන්නට ලෝක බැංකුවෙන් සුපුරුදු පරිදි ණය ගැනීමට වත්මන් ආණ්ඩුව උත්සාහ දරනු ලැබී ය. මෙම උත්සාහය සපල වී ඇති බවත් නුදුරේ එම ණය මුදල ලැබෙනු ඇති බවටත් ආරංචි පළ වෙයි. එම මුදල ඇමරිකන් ඩොලර් බිලියන 1.4ක් බවත් එය මෙරට විදේශ සංචිත ඉහළ දැමීම සඳහා යෙදවෙනු ඇති බවත් කියැවේ.

ඒ ණය මුදල පිළිබඳ තත්වය මත කොළඹ කොටස් වෙළඳපලේ ද මිල ගණන් ඉහල ගොස් ඇති බව වාර්තා වෙයි. කෙසේ වුවත් දිගින් දිගට ම ණය වෙමින් අර්බුදය කරා යන රටක් ලෙස සැලැකෙන ශ්‍රී ලංකාවට අදාළ ණය මුදල ලබා දීම වෙනුවෙන් ඉටු කළ යුතු කොන්දේසි ඇති බවට සැකයක් නැත. එය මෙරට ජනයා විෂයෙහි කෙබඳු ලෙස බලපානු ඇත්දැ යි කිව හැකි වන්නේ ඒවා මොනවා ද යන්න දැනගත් පසු ය. දැනට ම ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ සිය තර්ජනාංගුලිය මේ වෙත ඔසවා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.