ඒකාබද්ධ විපක්ෂ මැයි රැළිය කොට උඩ!

front

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පැවැත්වීමට නියමිත ව තිබූ කිරුළපන ශාලිකා ක්‍රීඩාංගනයට ඔවුනට දින 14ක් සඳහා ඇතුල්වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. මේ නිසාවෙන් ජාතිවාදී ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය අනාථ ව ගොස් ඇති බව දැනගන්නට තිබේ. මෙවැනි තත්ත්වයක් උදා කර ගැනීම වෙනුවෙන් ම ඔවුන් ක්‍රියා කරන ලදැ යි ද සමහරු මත පළ කරති.

ශාලිකා ක්‍රීඩාංගනය මොවුන් වෙන් කරගෙන තිබෙන්නේ, වෘත්තීය සමිති සාකච්ඡාවක් පවත්වන බව කියා මිස මැයි රැළියක් පවත්වන බව කියා නොවේ. සියලු කටයුතුවල දී කොලය වසා ගසන, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන මොවුන් මෙහි දී ද වැරදි තොරතුරු ලබා දී තිබේ.

කෙසේ වෙතත්, නාරාහේන්පිට පොලිසිය කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් විසින් එලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මේ සිදුවීම යොදාගෙන සිට දේශපාලන අනාථභාවය ප්‍රකාශ කරනු ඉදිරියේ දී දැකගන්නට ලැබෙනු ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.