ඒක පුද්ගල ආදායම ඩොලර් 2යි! – කබිර් හෂිම්

Kabir_Hashim

පසුගිය රජය විසින් ඒක පුද්ගල ආදායම ඩොලර් 400ට ගෙනා බව කී මුත්, බොහෝ අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2ක් පමණක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් පවසා ඇත. මේ අදායම් බෙදී යාම විෂමතාව බොහෝ කලක සිට පැවතුණු අතර පසුගිය සමයේ එය වඩාත් උග්‍ර විය.

කෙසේ වෙතත් එකී පාලනය පෙරලා දමා කබිර් හෂිම්ලා බලයට පත් කළේ පරණ බණේ ම කියා දවස ගෙවන්නට නොවන බව මෙහිදී මතක් කළ යුතු ය. ඒ දිනවල මහා ආර්ථික විශේෂඥයන් ලෙස පාරම් බෑ හර්ෂලා කබිර්ලා දැන් කන්න බොන්නවත් කට අරිනවා දැ යි සැක සිතෙන තරම් ය.

මේ රජය මොන තරම් ආර්ථිකයේ අවුලක් ගැන දෙසා බෑව ද ආර්ථිකය ගොඩ ගන්නට කිසිදු දෙයක් කරන බව පෙනෙන්නට ඇත්තේ නැත. තේ/ රබර් මිල 50%කින් පහළ ගිය අතර මේ රජය කළ කිසි දෙයක් නැත. ඉදිකිරීම් ක්ෂේත්‍රය බිඳ වැටී ඇත. වී වගාව අනාථ ය. කිසිදු කර්මාන්තයක් ගැන කිසිදු විශ්වාසයක් නැත.

ඇත්තේ කබිර්ලාගේ කට කමසෙයියාව පමණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.