මහින්ද! මෛත්‍රීගෙන් මෛත්‍රිය ඉගෙන ගන්න!!

mahinda-lose

ආරක්‍ෂාවට යොදා සිටින යුද හමුදා සෙබළුන් ඉවත් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි. ආරක්ෂාවට සිටි හමුදා සෙබළුන් 103ක පිරිස ඉවත් කර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළු අනුයුක්ත කරන බව පෙරේදා (7) ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි නිල වශයෙන් දැනුම් දුන්නේ ය.

කෙසේ වෙතත් හිටපු ජනපති පවසන අයුරින් ජනපතිවරයා මේ තීරණය වෙනස් කරන තිබේ. අපට මතක් කරන්නට දෙයක් ඇත. මහින්ද රාජපක්ෂ සමග ජනපතිවරණයට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකාට මහින්ද සැලකූ ආකරයයි ඒ. සතෙක් මෙන් කුදලාගෙන ගොස් බොරු නඩු පටලවා ‍ෆොන්සේකා බලු කූඩුවට දැමූ ආකාරය පළිගැනීමක් බව බැසිල් රාජපක්ෂ පවා පිළිගත්තේ ය.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා එවැනි දේවල් කිසිදා සිදුනොකළ අතර දැන් මේ වැනි අනුග්‍රහ පවා දක්වා තිබේ. ජීවිත ආරක්ෂාව ගැන සලකන්නේ නම් සරත් ෆොන්සේකා කූඩු කර තිබිය දී ඔහුගේ දිවියට අනතුරක් වන්නට නොතිබුණේ ද?

මහින්ද කළ යුත්තේ, මෛත්‍රීගෙන්වත් මෛත්‍රිය උගෙනීමයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.