ප්‍රේමදාස මහින්දට ආරක්ෂාව දුන්නේ ඇයි? (විශේෂ)

MP-Mahinda

හිටපු ජනපති මහින්ද තම ආරක්ෂාව ගැන ප්‍රශ්නය පසුගිය දා කතා කිරීමේ දී කියා සිටියේ තමන්ට මුලින් ම ආරක්ෂාව ලැබුණේ ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේ දී බව යි. ඇත්ත වශයෙන් ම කියනවා නම් එසමයෙහි ආරක්ෂක ඇමැති වූ රන්ජන් විජේරත්න විසින් මහින්ද රාජපක්ෂ ආරක්ෂා කළා යැ යි කිවහොත් වඩාත් නිවැරදි ය.

මේ ආරක්ෂාව සැපැයූ සමය මෙරට අතිශය දරුණු භීම සමයකි. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි අරගලය සිදු වූ එම සමයේ දී එවකට පැවැති ප්‍රේමදාස රජය විසින් නිරනුකම්පීය ලෙස එය මර්දනය කරන ලද අතර ඒ යුගයේ සිදු වූයේ අතිශය අවුල් සහගත සිදුවීම් ය. බොහෝ අය, සිය පුද්ගලික සතුරන්ගෙන් සහ දේශපාලන සතුරන්ගෙන් පළිගැනීමට මේ තත්ත්වය භාවිත කළෝ ය.

එසේ ම විනෝදයක් ලෙස ජ.වි.පෙ. තරුණයන් ඝාතනය කළවුන් ද ඒ අතර වූහ. එවක මෙරට ප්‍රකට මිනිසෙක් වූ විජයදාස ලියනාරච්චි නම් නීතිඥවරයා ද ඝාතනය වූයේ හිටපු ජනපති මහින්දගේ ගමේ ම ය. එවන් ඝාතනවලට පිළිතුරු ලෙස ජ.වි.පෙ. ද ප්‍රතිඝාතන සිදුකළ අතර ඒ නිසා එවක බොහෝ දෙනෙක්ට හමුදා ආරක්ෂාව ලබා දුන් බව කවුරුත් දනිති.

රන්ජන් විජයරත්නලා මහින්දට ආරක්ෂාව වැඩි ආරක්ෂාවක් ලබාදුන්නේ කුමන පදනමකින්ද යන්න දැඩි සැකයක් මතුකරයි. එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්ෂට පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව පමණක් හිමිවිය යුතු වුවද එජාප රජය යටතේ හිටපු ආරක්ෂලේකම් වරයා වූ රන්ජන් විජේරත්න විසින් මෙලෙස විශේෂ හමුදා ආරක්ෂාවක් ලබාදීම එම සැක ත්‍රීව කරයි. ඒ සමයේ තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයේ ජ.වි.පෙ.ට සම්බන්ධ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් අතුරුදහන්වීම් වලට සහ ඝාතනයවීම් වලට ලක්විය. මේවා මේ කියන තරම් සරල ලෙස සිදු නොවුණු බව පමණක් අපි දනිමු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.