ධීවර ඇමැතිගේ මාධ්‍ය ලේකම් හොඳ සිහියෙන් ද?

Press

ඊයේ (20) දිනයේ විවිධ මාධ්‍යවල ප්‍රධානකොට පළ වූ පුවතක් වූයේ, ශ්‍රී ලංකාවේ මාලු අපනයනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති තහනම මැයි 21 දා සිට ඉවත් කර ඇති බව ය. ධීවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍යංශ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ඩබ්ලිව්.එම්.ඩී. වන්නිනායක ඒ සම්බන්ධ මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබූ අතර එය බොහෝ තැන්වල මාතෘකාවක් බවට පත් ව තිබුණි.

පසුව ඔහු ම නැවතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ එය අසත්‍යයක් බව ය. එය ද ඉතා ම විහිළුකාරී ලෙස “ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය සම්බන්දයෙන් යුරෝපා සංගමය තහනම ඉවත්කර ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති ප්‍රවෘත්තිය පදනම් විරහිත…” ආදී වශයෙන් දක්වමිනි. තමා විසින් ම වැරදි තොරතුරක් සපයා නැවත නිවැරදි කරද්දී මෙවැන්නක් කියන්නට හොඳ සිහියෙන් සිටින අයෙකුට නම් බැරි ය. රටක ප්‍රධාන ගැටලුවක් සම්බන්ධයෙන් මෙතරම් වගකීම් විරහිතව හැසිරෙන පුද්ගලයන් මාධ්‍ය ලේකම්වරුන් ලෙස පත් කරන ඇමැතිවරුන්ගේ ද සිහිය විකල් වී ඇති බව කිව යුතු ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.