අවුරුද්දේ නරක ප්‍රතිඵල!

05-page-23-M-3

පුවත් වාර්තා සඳහන් කරන පරිදි අවුරුදු සමය අවසන් වෙද්දී සිදු වූ රිය අනතුරුවලින් 50කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. මෙය ඉතා ඛේදවාචී තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පසුගිය සමයේ විශාල වශයෙන් මෙරටට වාහන ආනයනය කෙරුණු අතර ඒවා බොහොමයක් විධිමත් ව නිෂ්පාදනය කරන ලද ඒවා නොවේ. ජපන් තාක්ෂණය යැ යි කියා ගනිමින් යාන්තමින් ඉන්දියාවේ ඇටවූ බොහෝ වාහන එහි මීටර පුවරුවේ සඳහන් වේගයෙන් ගියහොත් යා හැක්කේ අවසන් ගමන ය. මේ වාහන පදවන්නට මධුවිතෙන් ද සප්පායම් වී ගොඩ වුණු පසුව සිදුවන දේ ගැන සිතා ගත හැකි ය. අනෙක් අතට කිසිදු විනයක් නැතිව, කිසිදු මාර්ග නීතියක් අනුගමනය කිරීමකින් තොරව වාහන පදවන රියැදුරන්? මෙරට සෑම පාරක ම දක්නට ලැබෙති. මෙවැනි මුග්ධයන්ගේ රියදුරු බලපත්‍ර සදහට ම අහෝසි කිරීමෙන් මේ ප්‍රශ්නයෙන් ඉතා වැඩි කොටසක් විසඳිය හැකි වනු ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.