රට ජෝන් බාස්ට ගිහින්!

John Amaratunga_3

පසුගිය 27 වැනි දා දකින්නට ලැබුණේ වත්තල, මාබෝල-කලු ඇල ශරීර සුවතා මං-තීරුව පෙරදා රැයේ සම්පූර්ණයෙන් කඩා දමා ඇති ආකාරය යි. මේ පිළිබඳ ඇති තරම් කතා-ලතා මාධ්‍ය මඟින් පළ වුණු අතර දැන් සියල්ල සන්සුන් වී ඇත.

ඒ සියලු පෙළහර අවසන් වෙද්දී පෙනී යන්නේ මේක ඇමැති ජෝන්ගේ වැඩක් බව ය. ඇත්තට ම කියනවා නම් මේ ඇමැති ජෝන්ගේ නොව ජෝන් බාස්ගේ වැඩකි.(කවුරුත් දන්නා පරිදි නූතන ජනවහරේ වැඩේ ජෝන් බාස්ට ගියා කියන්නේ මෙවැනි අමන මරි මෝඩ කුහක වැඩවලට ය.) මොන ආණ්ඩුව කළත්, වියදම් අඩු හෝ වැඩි වුණත් මේවා ජනතා මුදල් ය. ජෝන් අමරතුංගලා දැන් වයසට ගොස් හොට බිම ඇනී උන්නාට ඔහුගේ ඉතිහාසය දන්නෝ දනිති. මේ වැනි පහත් වැඩක් කිරීම ඔහුට අමුතු අපහසුවක් ඇති වැඩක් නොවේ. මාධ්‍ය සාකච්ඡා තියා ඉක්මනින් එය නැවත ගොඩ නගනවා කියන්නේ අම්මා අප්පාගේ බූදලයෙන් නොව නැවත ජනතා මුදල් වලිනි.

මේ තුච්ඡ පහත් ක්‍රියාව ගැන කිසිවෙක් ලොකුවට ගනන් ගත්තේ නැත. අනෙක් අතට පොලිස් පරික්ෂණයක් ඇත්තේ ද නැත. ඇමැතිකම් ජෝන්බාස්ට ගියා සේ ම රටත් ජෝන් බාස්ට ගිහින් කියා දැන් සිතෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.