පැනමා ලේඛනවල රාජපක්ෂවරුත් ඉන්නවා ද?

Mahinda Family

ලොව පුරා බලවත් පුද්ගලයන් තම වත්කම් සඟවා තබා ගැනීමට උපකාර කරගත් නීතිඥ සමාගමකින් මිලියන ගණනක් රහසිගත දත්ත පිට වී ඇති බවට පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ය. පැනමා රාජ්‍යයේ පිහිටා ඇති මොසැක් ෆොන්සේකා නමැති නීතිඥ සමාගමෙනුයි, මේ රහස්‍ය ලිපිගොනු පිටව ඇති බව වාර්තා වන්නේ.

ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට සහ නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට කටයුතු කළ වර්තමානයේ බලයේ සිටින හෝ පෙර බලයේ සිටි ලෝක රාජ්‍ය නායකයන් දොළොස් දෙනෙකුගේ නම් මේ ලිපි ගොනු මේ සිදුවීම හරහා හෙළිදරවු වී ඇති බව වාර්තා වෙයි. ලොව පුරා යම් යම් රටවල රාජ්‍ය නායකයන් තම ජනතාව කෙරෙන් පිල්ලි ගසා ගන්නා මුදල් සඟවා තබා ගන්නට මේ සමාගම උදව් වී ඇත.

අදාළ සමාගම ද තම ලිපිගොනු පිටව ඇති බව පිළිගත් අතර, මේ පිටවූ තොරතුරු අනුව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට සහ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ට ද චෝදනා එල්ල විය. එපමණක් නොව මේ ලේඛනවල නම සඳහන්ව තිබූ බැවින් අයිස්ලන්ත අගමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස් විය.

කෙසේ වෙතත්, විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණේ මේ පිරිස අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ඥාතිවරු හෝ හිතවතුන් ඉන්නා බවයි. කෙසේ වෙතත් මේ බව මෙතෙක් අපට නිල වශයෙන් තහවුරු කර ගැනීමට නොහැකි විය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.