ජනපති ඒකාබද්ධ විපක්ෂය අමතයි!

President-Maithripala-Sirisena6

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද බින්න වී යන්නට පෙර නිමිති පළ වූයේ කාලයක සිට පටන් බව නොරහසකි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සිය බූදලයක් බවට එම පක්ෂය හරවා ගැනීමෙන් පසුව එය වඩාත් තීව්‍ර විය.

ජනාධිපතිවරණයෙන් පරාජය වුණු පසුව මහින්ද ප්‍රමුඛ කරගත් පිරිසක් (මොවුන් බහුතරයක් විවිධ චෝදනා එල්ල වූ පිරිස ය.) ඒකාබද්ධ විපක්ෂය නමින් වෙන් වී ශ්‍රී.ල.නි.ප ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන්නට විය. එම පිරිසට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙයට පෙර ඍජුව අමතා නැත.

පසුගිය 2 වැනි දා එරාවුර් හි දී රැස්වීමක් අමතමින් ජනපතිවරයා මේ ඒකාබද්ධ විපක්ෂ කල්ලියට ඍජුව ආමන්ත්‍රණය කළේ ය. ආණ්‌ඩුව සමඟ ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ නොකර රට ගොඩනැගීම සඳහා පරිපාලන කටයුතුවලට එක්‌වන ලෙස මෙහි දී ජනපතිවරයා කියා සිටියේ ය.

එසේ වුවත් බරපතල චෝදනා ලදවුන් මේ ආණ්ඩුව වෙත එක් කරගැනීම කෙරෙහි ලක්ෂ ගණනක් ජනතාව නම් කැමැති නොවනු ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.