ලක්ෂ 650ක් රජයට පාඩු කරලා? හිටපු වරාය සභාපතිට නඩු!

8438d3d677d16321a449fa6884f000af_XLවරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු තිදෙනෙකුට අධිකරණය ඊයේ සිතාසි නිකුත් කරන ලදී‍. ඒ වරාය සේවකයින් 319 දෙනෙකු 2014 ඔක්තෝබර් සිට ජනවාරී 7 තෙක් මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් රජයට රුපියල් ලක්ෂ 650ක අලාභයක් සිදු කළැ යි කියන‍ චෝදනාව සම්බන්ධයෙනි.

මහින්ද රාජපක්ෂ රෙජිමය පවත්නා සමයේ රාජ්‍ය ආයතන දේශපාලන කටයුතුවලට යොදා ගැනීම සාමාන්‍ය දෙයක් වූ අතර එය ප්‍රසිද්ධ රහසකි. ප්‍රශ්නය ඇත්තේ මේවා ඔප්පු කරන්නට සාධක මොවුන් ඉතිරි කර නැතිවීම යි.

‍ඒ කාලයේ ප්‍රියත් බන්දුලා සුපිරි තරු ලෙස සමාජයේ වැජඹුණු අතර, ඒ වැජඹීමට හිලව්ව වූයේ මෙලෙස ජනතා මුදල් අවභාවිතයට මහින්දලාට සහාය වීමයි. මේ පරීක්ෂණ පටන්ගත්ත ද තවදුරටත් බොහෝ පරික්ෂණ තිබෙන පරිදි අවසන් නොකර කිසිවෙක් අත්අඩංගුවට නොගෙන කාලයක් තිබෙතැයි අපේක්ෂා කළ හැකි ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.