කරුංකා නිදහස් කළේ රවිගේ බලපෑමට ද?

ravi-480

කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතියකින් තොර ව මෙරටට ගෙන්වූ කරුංකා පුවක් කන්ටේනර් විශාල ප්‍රමාණයක් ඉතා සුළු දඩ මුදලක් ගෙවා හොර රහසේ නිදහස් කර යවා ඇතැයි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. මේ පිටුපස රේගුවට අයත් බලවත් දේශපාලන හස්තයක් ඇති බව දැනගන්නට ඇත. රවි කරුණානායක ඇමැතිවරයාගේ ක්‍රියාමාර්ග හේතුවෙන් රටට බලවත් පාඩු සිදුවෙන බව රේගු නිලධාරින් පසුගිය සමයේ ඍජුව ම චෝදනා කළෝ ය.

බදු වංචා කර ගෙන්වූ ප්‍රාඩෝ රථ විශාල ප්‍රමාණයක් නිදහස් කරමින් පසුගිය කාලයේ විශාල ආදායමක් රටට අහිමි කළ බවට ද රවි කරුණානායකට චෝදනා එල්ල විය. මෙවර කරුංකා ප්‍රශ්නයකි. මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියාවලට ඉදිරියෙන් යහපාලනය නම් දැන්වීමක් එල්ලා තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.