සබීතා දිනුම්!

sabeetha

කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් අධිකතර කුලී මුදලකට යටත් ව ලබා ගන්නට යන බව අපි මෙයට පෙර වාර්තා කළෙමු. මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ සහ විරෝධයන් පැන නැංග ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න අැමැතිවරයා පවසන්නේ, අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබුණු බව යි.

මාසිකව මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑපන්ලක්ෂයක් හෙවත් කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කිරීමට නියමිත ය. වසර 5ක කාලයක් සඳහා එය කෝටි 100ක පමණ මුදලකි. දැනගන්නට ඇති පරිදි වසර දෙකකට වරක් කුලී මුදල වැඩිකරන්නට ද කොන්දේසියක් ගිවිසුමට ඇතුළත් වන බැවින් මෙම මුදල තවත් ඉහළ යන්නට නියමිත ය.

රාජ්‍ය ආයතන හරක්මඩු වැනි තැන්වල පවත්වාගෙන යා යුතු යැ යි කියන මුග්ධ ස්ථාවරයක අප නොසිටින නමුදු, ජනතා මුදල් කාබාසිනියා කරන ස්ථානවලට වඩා ජනතා මුදල් ඉතිරි කරන ස්ථාන රාජ්‍ය ආයතන වෙනුවෙන් තෝරාගත යුතු බවට සැකයක් අපට නැත. මේ තත්ත්වය යහපාලන සංකල්පයට කිසිසේත් ගැලපෙන්නක් නොවේ. අවසානයේ සබීතාලා දිනා ඇති අතර ජනතාව පැරදී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.