ජ.වි.පෙ. සාමූහික හෘදසාක්ෂිය සහ ටිල්වින්ගේ හෘදසාක්ෂිය!

kumar and tilwin

කුමාර් ගුණරත්නම් හෙවත් ගුණ්ඩා හෙවත් පෙරටුගාමී නායකයා වසරක් හිරේට ගියේ ය. ඔහු ජ.වි.පෙ. මුල් පෙළ නායකයෙක්ව සිටි බව ජ.වි.පෙ. හැර අන් සියල්ලෝ ම දනිති. ලංකාවේ වාමාංශික ව්‍යපාරයේ අත්දැකීම් අනුව, තමන්ගේ සහෝදර අනෙකාට ඇති වෛරය පංති වෛරයට වඩා ඉහළින් තිබීම කැපී පෙනෙන්නකි. ඒ අනුව, මතවාදීව වෙනස් ආස්ථානයන් දරන සහෝදර අනෙකාව මරා දමන්නට වුව මොවුන් පෙළැඹේ.

කුමාර් සම්බන්ධ කාරණයේ දී ජ.වි.පෙ මුල සිට ම උත්සාහ කරනු ලැබුවේ මේ සිදුවීම නිහඩතාවයේ ගිල්වා මරා දමන්නට ය. පෙර බොහෝ අවස්ථාවල ඒ උපාය සාර්ථක වුව ද මෙහි දී එය සාර්ථක නොවී ය. එක පතේ කෑ එකා කිසිදා දන්නේ නැතැ යි කියන්නට තරම් ද එයාලගෙ ඒවා එයාල බේරගත්තාවේ කියන්නට තරම් ද ටිල්වින්ලාගේ හෘදසාක්ෂිය අවලස්සන විය. කුමාර්ට මෙරට දේශපාලනය කිරීමේ අයිතිය පිළිගන්නටවත් මොවුන්ට බැරි විය. ධනපති පංතිය ලවා තමන්ගේ ළඟ සතුරා මර්ධනය කර ගැනීම ලාබ උපක්‍රමයක් වූවා ද විය හැකි ය.

දේශයේ හෘද සාක්ෂිය කියා පෝස්ටර් ගැසුවාට තමන්ට හෘද සාක්ෂියක් නැති බව මේ සේයාරුව අපට පෙන්වා දෙයි. මෙහි, වම්පස පළමුවැනියාට ටිල්වින් සිල්වා සිටී. තෙවැන්නාට සිටින්නේ කුමාර් ගුණරත්නය.

දේශයේ හෘද සාක්ෂිය! ජ.වි.පෙ. කරුණාකර වචන වල ඇති ගැඹුර නැති කර නොදමන්න!!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.