බැසිල්ගේ ඇමෙරිකා ගෙදරටත් මෙරට හමුදාවෙන් ආරක්ෂාව දීලා!

Gotas 3

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ලබන මස 09 වැනිදා බරපතල වංචා දූෂණ සෙවීම පිළිබද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැ යි දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.

උක්ත කාරණය නම්, බැසිල් රාජපක්ෂගේ ඇමෙරිකාවේ පිහිටි නිවසට ආරක්ෂාව සඳහා මෙරට නාවුක හමුදා නිලධාරීන් දෙදෙනකු යෙදවීමත්, ගුවන් හමුදාවට අයත් යානා අවභාවිතයක් පිළිබඳවත් බව වැඩිදුරටත් හෙළි වේ.

මේ පිළිබඳ ප්‍රශ්න කිරීමට ගෝඨාභය රාජපක්ෂ වෙත දින ලබා දී තිබුණේ පසුගිය අප්‍රේල් 18 වැනි දිනයි. නමුත් ඔහු වෙනත් දිනයක් නීතිඥයින් මාර්ගයෙන් ඉල්ලා තිබුණි.

මේවා දැක දැක තවදුරටත් රාජපක්ෂලා පස්සෙන් යන බත් බැලයන් දකින අපට දෙකොනෙන් හිනා නොවී සිටිය නොහැක.

රාජපක්ෂලාගේ ඇමෙරිකා ගෙවල්වල ආරක්ෂාවටත් මෙහි හමුදාව යොදවන්න! ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් වෙන්න!!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.