ඒකාබද්ධ “මැර” විපක්ෂය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයෙකුට පහරදෙයි! (විශේෂ)

parliment-fightකුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අැති වූ සංවාදයක දී ඒකාබද්ධ විපක්ෂය යැ යි කියාගන්නා කණ්ඩායමේ මැර මන්ත්‍රීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සභාගර්භයේ දීම පහර දී ඇතැ යි වාර්තා වේ. අදාළ පහරකෑමට ලක් වූ මන්ත්‍රීවරයා වන්නේ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීත් සමරසිංහ යි.

ඇමැති සරත් ෆොන්සේකා සභාව අමතමින් සිටිය දී සභාව මැදට ආ ඒකාබද්ධ මැර මන්ත්‍රීන් කලහකාරීව හැසිරෙමින් මේ පහරදීම සිදු කර ඇති අතර පහර කෑ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මේ පිරිස නියෝජනය වන්නේ, හොර මැරකම්, දූෂණ චෝදනාවන්ට පහරදීම් චෝදනාවන්ට, ව්‍යාජ ලිපි ලේඛන චෝදනාවන්ට ලක් වූ අයගෙැකනි. මේ පිරිසගෙන් මෙයට වඩා සදාචාරයක් බලාපොරොත්තු විය නොහැකිය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.