මහින්ද රාජපක්ෂ ශ්‍රී.ල.නි.ප.යෙන් දොට්ට!

mahinda-lose

මැයි දිනයට ප්‍රථම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක පවසා සිටියේ මහින්ද ඇතුලු පිරිස ගාල්ලේ පැවැත්වෙන තම මැයි රැළියට නොපැමිණියහොත් සියලු දෙනා පක්ෂයෙන් නෙරපන බව ය. ඔවුන් පක්ෂය අතහැර ගියා සේ සලකන බව හේ වැඩිදුරටත් කියා සිටියේ ය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව පක්‍ෂයේ මන්ත්‍රීවරුන්, මැති ඇමැතිවරුන්, ආසන සංවිධායකවරුන් සහ පක්‍ෂයට අයත් සියලුම සංවිධානවල සාමාජිකයන් මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීන්දු තීරණවලට අනුව කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටියේ ය.

මහින්ද ඇතුළු පිරිස කිරුළපන රැළියට සහභාගි වූ අතර මහලේකම්වරයා සිය ක්‍රියාමාර්ග ගනු ඇති ද?

පෙනෙන්නට ඇති පරිදි නම්, පක්ෂ විනය දිගින් දිගට ම උල්ලංඝනය කරමින් මේ පිරිස ගමන් ගනිද්දී ශ්‍රී.ල.නි.ප.ය කිසිවක් කළේ නැත. ගැටලු ඔඩු දිව්වේ ඒ නිසා ය. ඉදිරියටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවක් පෙනෙන්නට නැත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.