දෙමාපියන් සිහිකොට මහින්දගෙන් ASP ට කුණු බැනුම් සංග්‍රහයක් (Exclusive)

Mahinda1කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ ලංකා කම්කරු පක්ෂයේ නායක වන ඒ.එස්.පී. ලියනගේ මහතා අමතා කුණු හරුපෙන් බැන වැදී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ඒ.එස්.පී. ලියනගේ මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කිරීමත්, මහින්ද මැයි දිනය වෙනුවෙන් ඉල්ලූ කප්පම් මුදල් නොදීම හේතුවෙනුත් මෙම තත්වය උද්ගතව ඇත.

ඒ.එස්.පී ලියනගේ මහතාගේ ජංගම දුරකථනයට අමතා ඇති මහින්ද නොනවත්වා අති අමානූෂීය වචනවලින් දෙමාපියන් සහ ජාතකයන් සිහිකොට වමාරමින් අමතා ඇත. අවසානයේ එය දරාගත නොහැකි තැන දුරකථනය විසන්ධි කරද්දී ඒ.එස්.පී. පවසා ඇත්තේ, ‘සර්, කියපු ටික මම භාරගන්නේ නැහැ. ඔය ටික සර්ම අනුමෝදන් කරගන්නා ලෙසය. ඊට දැඩි ලෙස යලිත් කිපී ඇති මහින්ද ‘මොකක්ද, කැ# ප### කිව්වේ??’ යැයි මහින්දගේ ජීවිතයට වඩාත් ලෙන්ගතු වචනයෙන් පෙරලා අසා ඇත.

ඒත් සමඟම ඒ.එස්.පී. ලියනගේ දුරකථනය විසන්ධි කොට ඇත. මේ වන විට ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී. ලියනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට සහභාගී වීම සඳහා ගමන් ගනිමින් සිටින බවට වාර්තාවේ. ඒ අනුව මහින්දට සහය දැක්වූ තවත් පක්ෂ නායකයෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පුමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.