ශිෂ්ඨසම්පන්න දේශපාලනයේ මළගම!

9517-clash-in-house-unp-mp-sandith-samarasinghe-hospitalized-video15052175051970

දශකයෙන් පසුව ශ්‍රී ලංකාවේ ශිෂ්ඨ සම්පන්න දේශපාලනය වියැකෙමින් ගිය බව රහසක් නොවේ. කුඩුකාරයන්, පාතාලයන්, චේන් හොරුන්, මිනීමරුවන් බහුතරයක් දේශපාලනයට ආවෝ ය. කෙසේ නමුත්, ශිෂ්ඨ දේශපාලනයේ මිනීපෙට්ටියේ අන්තිම ඇනත් මේ දිනවල ඒකබද්ධ විපක්ෂය නමින් හඳුන්වාගන්නා කල්ලිය ගසමින් සිටින බව පැහැදිලිව පෙනී යන කරුණකි.

මෙහි ප්‍රමුඛයෙක් වෙන වාසුදේව නම් පරාභව දේශපාලකයා අසභ්‍ය වචනයෙන් පාර්ලිමේන්තුව ඇමැතුවේ ය. ඊයේ දිනයේ මේ පිරිස උත්තරීතර යැ යි කියාගන්නා පාර්ලිමේන්තුවේ දී ගුටි-බැට දී තවත් මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කරන තැනට වැඩ සැලසුවේ ය. පාර්ලිමේන්තුව නරඹමින් සිටි පාසල් දරුවන් වහා ඉවත් කරන්නට තරම් මේ හැසිරීම හේතු විය.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නාමික ව හෝ විශ්වාස කරන රටක, ගැටලු විසඳීමට දෙයියන්ට පොල් ගසන බයියන්ගෙන් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි ය. මේ අශිෂ්ඨයන් පාර්ලිමේන්තු යවන්නට නාමයෝජනා දුන් පක්ෂ නායක කාරකාදී අශිෂ්ඨයන් ද, ඔවුන්ට ඡන්දය දුන් ඡන්දදායක අශිෂ්ඨයන් ද මේ තත්ත්වයට පැහැදිලිව ම වගකිව යුතු ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.