“ඕන ගොනෙකුට පුළුවන්!”

Ranil new_CI

ලාබ ලබමින් තිබී මහින්ද රාජපක්ෂ රෙජිමය විසින් ලබා ගෙන විනාශ කර රුපියල් බිලියන 460ක ණය බරක් සහිතව දැන් රටේ ආර්ථිකයට පිළිලයක් ව පවතින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවයේ ණය මුදල රජය බාරගන්නා බව අගමැතිවරයා පවසා තිබේ. රටේ ආර්ථිකය සහමුලින් ම කඩා වැට්ටවීමට පවා සමත් මෙවන් ගැටලුවලට හැඟීම්බර නොවී විසඳුම් සෙවීම අත්‍යවශ්‍යය කටයුත්තක් බව අවිවාදිත ය.

එසේ වුවත් මේ ණය බර රජය ගෙවනවා යැ යි කියා සරලව බාර ගත හැකි ද? ණය රජය ගෙවනවා කියා, එය ගෙවන්නේ මේ රටේ ජනතාවගේ පොකැට්ටුවට විද ලබා ගන්නා මුදලිනි. මෙය කිසිසේත් ම සරල නොවේ. මහින්ද රාජපක්ෂගේ මස්සිනා නාකි මනමාල නිශාන්ත වික්‍රමසිංහලා විසින් පරම්පරා හතකට ඇතිවෙන්න ගසා කා ගත් මුදල් ජනතා මුදලින් ගෙවන්නට බාර ගැනීම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සරල වුව ද ජනතාවට එසේ නොවන බව නැවතත් කිව යුතු ය.

නිසි ලෙස පරික්ෂණ පවත්වා මේ මුදල් සොයා පාදා ගන්නටත් ඔවුන්ගේ දේපළ හෝ රාජසන්තක කර මේ මුදල් උපයාගන්නටත් ආණ්ඩුවට කොන්දක් තිබිය යුතු ය. ජනතාවගේ මුදලින් ණය ගෙවන්නට ඕන ගොනෙකුට හැකි ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *