යුරෝපා මත්ස්‍ය තහනම සම්පූර්ණයෙන් ඉවතට!

EU_flag_SPIFමෙරට මත්ස්‍ය නිෂ්පාදන යුරෝපීය වෙළඳපොළට අපනයන කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම මේවන විට සම්පූර්ණයෙන් ඉවත්කර තිබේ.

පැවති රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති පාලනය හේතුවෙන් පනවන ලද එම තහනම මුළුමනින්ම ඉවත් කර ඇති අතර මේ අනුව ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට අපනයනය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන් ලැබී ඇතැයි සඳහන්ය.

කෙසේ වෙතත් 2013 වසරේ වාර්තා වලට අනුව පනවා ඇති තහනමට පෙර යුරෝපා සංගමයේ සාමාජික රට වලට ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරුණු මත්ස්‍ය නිෂ්පාදන වල වටිනාකම යුරෝ මිලියන 74ක් වන අතර අපනයනය කළ ප්‍රමාණය මාළු ටොන් 17,000ක් බව සඳහන්ය.

නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ එංගලන්තය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කළ රටවල් ලෙස සැලකේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.