අමාත්‍ය රාජිතගෙන් ජනතා හිතවාදී විශිෂ්ට තීරණයක්!

rajitha-senarathneපෞද්ගලික රෝහල් ඉදිරිපත් කළ ඉල්ලීම් අතර තිබූ ඔවුන් අය කරන ගාස්තු වැඩි කරන දෙන ලෙසට වූ ඉල්ලීම තමා විසින් ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පුද්ගලික රෝහල් වල සහ ජනතාවගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය සේවයට පනවා තිබූ වැට් බද්ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉවත් කළද ඔවුන්ගේ මෙම ඉල්ලීමට ජනතාවාදීව සලකා බලා එකඟ වී නැත. එසේම එහිදී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල් සිදු කරනු ලබන වැරදි ක්‍රියාවන්ද පෙන්වා දී ඇත.

එම වැරදි වලට ආසන්නම සිදුවීමක් ලෙස අභාවප්‍රාප්ත බස්නාහිර පළාත් දේශපාලනඥයකු රෝහලට ඇතුළත් කර ගැනීම සඳහා පෞද්ගලික රෝහලක් රුපියල් 535,000ක බිලක් ඉදිරිපත් කර දෙදිනකින් ඔහු මිය ගිය පසු රුපියල් 985,000ක මුදලක් අයකර ඇති බව සඳහන් කර ඇත.

එසේම තවත් පෞද්ගලික රෝහලක් විසින් එහි ප්‍රතිකාර ලැබූ රෝගියෙකු මියගිය පසු මුදල් ගෙවන තෙක් මෘතදේහය දින 7ක් රෝහලේ තබා ගෙන සිටි බව පෙන්වා දුන් ඇමැතිවරයා තමන් එවැනි දේවල්වලට ඉඩ නොදෙන බවද පෙන්වා දුන්නේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.