ආර්යා ශිරන්ති සමඟ යහන්ගත වන එක රැයකට මේ තරම් මුදලක්..?? (විශේෂ)

shiranthi-rajapakaහිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ 2014 දී වෙසක් සඳේ ප්‍රංශයේ එක් රැයක් පහන් කිරීම සඳහා වැය කළ මුදල ඇසුවොත් ඔබ පුදුමයට පත්වනු ඇත.

එම මුදල එක් රැයකට ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් විසිපන් ලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය හතලිස් හයකි. හරියටම රුපියල් 2,573,746.87 කි. මෙවැනි එක් රැයක් පමණක් නොව ආර්යා ශිරන්ති එවැනි රැයවල් 04 ක් පහන් කිරීම සඳහා ගෙවා ඇති මේ රටේ ජනතාවගේ මුදල් ප්‍රමාණය රුපියල් එක් කෝටි දෙලක්ෂ අනුහතර දහස් නවසිය අසූ හතකි. රුපියල් 10,294,987.48 කි.

ආර්යාව සමඟ එම සංචාරයට සහභාගී වූ අනෙකුත් අය නවාතැන් ගෙන ඇත්තේ ජනාධිපතිවරයා පාවිච්චි කරන මට්ටමේ කාමරවල වන අතර ඒවාට අමතරව කාමර සැකසීම වෙනුවෙන් ද යූරෝ 650 සහ 750 බැගින් හා ‘මිනි බාර්’ සඳහා යූරෝ 371 බැගින් වැය කර ඇති බව ද හෙළි වී තිබේ. මීට අමතරව ආර්යා ශිරන්ති රාජපක්ෂ එම රාත්‍රීවල් වලදී වෙනත් දෑ සඳහා සිදුකළ ගෙවීම්වල පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත. ජනතා මුදල් කාබාසිනියා කරමින් රාජපක්ෂ පවුල සිදුකොට ඇති මෙවැනි වියදම්වල බරපැන දැරීමට සිදු වී ඇත්තේ මේ රටේ පොදු ජනතාවටය.

මෙය ඊයේ හෙළිදරව් කරනු ලැබුයේ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසිනි. මෙය ආර්යා ශිරන්ති රාජපක්ෂ සිදුකොට ඇති එක් සුළු මහජන මුදල් අවභාවිතාවක් වන අතර මැය සිදු කළ මහා පරිමාණ සොරකම් රාශියක් මේ වන විට හෙළිවෙමින් පවතින අතර සමහරක් පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

පහත දැක්වෙන්නේ ආර්යා ශිරන්ති රාජපක්ෂගේ කැරැට්ටුව පිළිබඳව පොදු ජනතාව අතරින්ම නිර්මාණය වූ නිර්මාණයකි.

https://www.facebook.com/lankalunews/videos/956464791040521/

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.