අමාත්‍ය රිෂාඩ්ට ඉරාජ්ගෙන් කිසිකන අභියෝගයක්! (Video)

irajජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගෙන් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට කිසිකන අභියෝගයක් එල්ල වී ඇත. ජනතාව අතරේ විල්පත්තුවේ වන සංහාරකයා ලෙස ප්‍රකට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට iPlant Challenge (අයි ප්‍රාන්ට්
චැලෙන්ජ්) වැඩසටහන යටතේ ඉරාජ් කර ඇති අභියෝගය නම් හැකිනම් පැලයක් සිටුවා පෙන්වන ලෙසයි.

දැන් ෆේස් බුක් වල බොහෝ දෙනා බලා සිටින්නේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මෙම අභියෝගය භාරගෙන අවම තරමේ ඔහුට එරෙහිව ඇති පරිසර ඝාතකයාගේ කළු පැල්ලම මකාගැනීමට යම් උත්සහයක් හෝ දරයිද යන්නයි.

මීට ඉහතදී ෆේස් බුක් සහ සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වුණු අයිස් බකට්, අමුමිරිස් චැලෙන්ජ් වැනි බොලඳ අභියෝගයන්ට වඩා රටටත් සමාජයටත් යහපතක් වන මෙවැනි දේ අභියෝග සහ ව්‍යාප්ත කිරීම් ප්‍රසංසනීයය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *