අවි ගබඩාවේ පිපිරීම සැක සහිතයි; පරීක්ෂණ රහස් පොලිසිය යටතට (විශේෂ)

fireකොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ හදිසි පිපිරීමක් අද (05) සවස සිදු වී තිබෙන අතර එය සැක සහිත බවට වාර්තාවේ.

මේ හේතුවෙන් කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ පිපිරුම සම්බන්ධ පරීක්ෂණ රහස් පොලිසිය යටතට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ. මෙය යම් පාර්ශවයක කුමන්ත්‍රණයකට අදාළ සැලසුමක්ද යන්න පිළිබඳව සැක මතුව ඇතැයිද වාර්තාවේ. එසේම මේ සඳහා ජනාධිපතිවරයා විසින්ද විදිමත් පරීක්ෂණයක් සඳහා විශේෂ විද්වත් කමිටුවක් පත් කර ඇතැයිද ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග වාර්තා කරයි.

කොස්ගම අවි ගබඩාවේ පිපිරුම් හඬ කිලෝමීටර් 40 කට වඩා දුරු දැරණියගල නූරිය වත්තට ප්‍රදේශයටද ඇසී ඇති අතර ගින්න නිවීමට ආරක්ෂක අංශවලට එම ස්ථානයට ඇතුළු වීමට හැකියාව ලැබී ඇත්තේ ගින්නෙන් පැය හතර හමාකරකට පමණ පසුව බවද වාර්තා වෙයි.

එමෙන්ම මෙම පිපිරීම නිසා අවට ප්‍රදේශවල ජනතාවට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීමට ඉඩ ඇති බැවින් එම ප්‍රදේශවලින් ඉවත් වී සිටින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වෙයි.

ආශ්‍රිත පුවත්: රාජපක්ෂවරු රහස් හමුවක; දේශපාලන සැලසුම්වල තීරණාත්මක වෙනසක් (විශේෂ)

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.