සිල් බිඳ ගත් නාමල්ගේ සීල සෙල්ෆියේ සැඟවුණු කතාව (Exclusive)

NaRaකු.පා.ම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී හ.පා.ම නාමල් රාජපක්ෂ කළ කී දෑ සහ හැසිරුණු ආකාරය මෙරට ජනතාවට අප අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එදවස නාමල්ලාට පෙනුනේ මෙරට සෑම සියලු දෙනාම ඔවුන්ගේ අතපලල්ලේ වැටුණු වහලුන් ලෙසය.

වැඩිහිටි උගත් බුද්ධිමතුන්ට පවා කියා වන්දවා ගත්තේය.

හුජ්ජ කොල්ලෙකු වූ නාමල් ඔහු එන විට ජ්‍යේෂ්ඨ ඇමතිවරුන්ව හුන් අසුනින් හැගිටවා ගත්තේය.

‘අපෙන් කාළා එක එකාට කඩේ යන්න බැහැ’ කියා තර්ජනය කළේය.

ඔහු ඇස ගැටුණු, ඔහු සිත් ගිය ස්ත්‍රී ප්‍රාණයක් වීද එය බලහත්කාරයෙන් හෝ තම ලිංගික අවශ්‍යතාව ඉටුකර ගැනීම වෙනුවෙන් යොදා ගත්තේය.

නාමල් ගිය තැනක ඔහු සිත් ගිය ගෙයක්, ඉඩමක් වීද එහි හිමිකරු තලා පෙලා බැරිනම් මරා හෝ එම දේපල බලහත්කාරයෙන් අත්පත් කර ගත්තේය.

ඔහුගේ මනදොළ පිනවීමට අවශ්‍ය වන්නේ යම් දෙයක්ද රටේ සංස්කෘතිය, සභ්‍යත්වය බල්ලට දමා එය සිදුකළේය.

රටේ දැවැන්තම ව්‍යාපාරවල කොටස් කරුවන් විය. සමහර ව්‍යාපාර මුළුමනින්ම කොල්ල කෑවේය. කොල්ලන්න බැරි වූ තැන එහි අයිතිකරුව සිරගත කොට ව්‍යාපාරය විනාශ කර දැමීය. (උදා: දේශමාන්‍ය ලලිත් කොතලාවල )

සෑම ව්‍යාපෘතියකින්ම රුපියල් සහ ඩොලර් මිලියන ගණනන් කොමිස් කෑවේය.

ව්‍යාපාරිකයින්ගේ මාසිකව කප්පම් එකතු කළේය. (සහචරයින් ලවා ඩිෆෙන්ඩර් වලින් )

මේ නාමල් රාජපක්ෂ සහ ඔහු සමඟ ජනගත වන්නට දඟලන ඔහු වැනිම ඡන්ම ඡඩ කමට උරුමකම් කියන සහෝදරයින්ගේ කෙරුවාවන්ගෙන් අතළොස්සක් දෙනා දන්නා ප්‍රසිද්ධ කරුණු ස්වල්පයකි. කෙසේ වෙතත් හිටි අඩියේ හ.පා.ම. නාමල්ගේ පියා වන කු.පා.ම. මහින්ද අපල සමය ගෙවෙන තුරු ජපානයේ සැප ගන්නා අතරතුර නාමල් සිල්ගත් ඡායාරූප එකතුවක් වෙනුවෙන් නිරූපණයේ යෙදුනි. අප වෙත අනාවණය වන පරිදි නාමල් හිටියේ මෙම සිල් නිරූපනයක යෙදී ඇත්තේ ඊට පෙරදා නාමල් රාජපක්ෂ එවක තම පියා ජනපති කාලයේ ජනාධිපති මන්දිරය තුල ඇති භූගත මන්දිරය තම ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට යොදාගත් බවට වන සාක්ෂි හමුවීමත් එය වසා යටපත් කිරීමත් සඳහාය.

මහින්ද රාජපක්ෂ අරලිය ගහ මන්දිරය තම නිල වාසභවන කරගෙන සිටියේය. ඒ අතර නාමල් ජනාධිපති මන්දිරයේ (රජ ගෙදර ) භූගත මන්දිරය තම ලිංගික අවශ්‍යතා සපුරා ගන්නා නිවහන කරගෙන ඇති බවට මේ වන අවස්ථා කිහිපයකදී සාක්ෂි සහ තොරතුරු අනාවරණය වී ඇත.

එහෙත් අද නාමල් ඇතුළු මෙම අපතයින් කැල රඟන්නේ අමුතුම රැඟුමකි. මෙතරම් අමන ඡඩ වැඩ කළ ඔවුන් ධර්ම අවබෝධයකින් බුදුන් සරණ යන්නේ නම් අප කම් නැත. එහෙත් එම පිරිසිදු බුදු දහමටත් සීලයටත් නිග්‍රහ කරමින් එයද තම දේශපාලන නිරුවත වසා ගැනීම සඳහා යොදා ගැනීම පිළිකුලින් යුතුව හෙළා දැකිය යුතුය.

මෑත ඉතිහාසයේ මේ ආසියාව තුළ පහළ වු මේ තරම් නින්දිත, තුච්ඡ, අධම දේශපාලන පවුලක් සොයාගැනීමට නොහැකිය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *