දේශපාලනයේ දැවැන්තයින් දෙදෙනකු එකම දිනයක නික්ම යති

white-flagජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද (15) අලුයම අභාවප්‍රාප්ත විය. ඒ වනවිට එතුමන් ජීවත්ව සිටියේ රාජගිරිය පිහිටි ඔහුගේ සහෝදරයෙකුගේ නිවසේය.

අභාවප්‍රාප්ත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන (18) සෙනසුරාදා බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මේ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු ඇමතිවරයෙකු වූ අලෙවි මවුලානා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

කෘතහස්ත දේශපාලනඥයෙකු වූ අලෙවි මවුලානා මිය යන විට 85 වන වියේ පසු විය.

1932 වසරේ ජනවාරි 01 වැනිදා උපත ලද මවුලානා කම්කරු හා වෘත්තීය සමිති නායකයෙක් ලෙසත් සුවිසුල් කාර්යයභාරයක් ඉටු කළ අයෙකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.