පෙරටුගාමීන්ගේ දේශපාලන අතකොළු වූ මොවුන් සිසුන්ද? අපතයින්ද?

apathain2පසුගියදා කැළණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුවියක් කලිසමක් ඇන්දා කියා ඇයගේ කලිසම ගැලවීමට බල කරමින් නවක වධය දුන් පෙරටුගාමීන්ගේ තිරිසන් වධකයන් සහ වධකාවියන් පිරිසක් අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අතර ඔවුන් නිදහස් කරන්නැයි බලකරමින් එම පෙරටුගාමීන්ගේ අතකොළු වූ කොලුවන් අධිකරණ නියෝගද නොතකමින් ඊයේ(15) විරෝධතා පාගමනක් පැවැත්වීය.

පොලිසිය අධිකරණ නියෝගය පෙන්වුවද එම අධිකරණ නියෝගය නොතකා මිලේච්ඡ ඉල්ලීමක් ඉල්ලමින් බලහත්කාරයෙන් ගමන් කළ, පෙරටුගාමීන්ගේ ඔලු සේදීමට ලක් ව නොමග ගිය මෙම සිසුන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් විසිරුවා හැරියේය. අධිකරණ නියෝග වලට අවනත නොවී හැසිරෙන්නේ නම් ඔවුන්ට එරෙහිව ශිෂ්ඨාචාරගත ජනතාව සහ ආණ්ඩු දැඩි තීන්දු ගත යුතුය.

මේ රටේ පොදු ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරමින් ශිෂ්‍ය කාලයේදී මෙලෙස හැසිරෙන සිසුන් නම් කරමින් රතු ලැයිස්තු ගත කළ යුතු අතර ඒවා ප්‍රසිද්ධ කරමින් අවසානයේ රැකියා ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථා අහිමි කළ යුතුය. මන්ද එවැනි අපත පිරිස් රැකියාවකට ගියද එහි වගකීම් නිසි ලෙස ඉටු නොකරන බැවිනි. රටේ රාජ්‍ය සේවය මේ තරම් දූෂිත අකාර්යක්ෂම එකක් වීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මෙවැනි අපතයන් පසු කලෙක රාජ්‍ය සේවයට බැඳීමය.

apathain

ඡායාරූප අනුග්‍රහය: ලංකාදීප

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.