රේගුවෙන් ඇල්ලූ කොකේන් අස්සෙන් ‘සිංහලේ’ මතුවෙයි! (විශේෂ)

coken-singhaleමුදල් අමාත්‍යාංශ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය විසින් ඊයේ (14) සීනි කන්ටේනරයක සඟවා බ්‍රසීලයේ සිට ආනයනය කරන ලදුව සොයා ගත් රුපියල් කෝටි 300 කට අධික වටිනාකමෙන් යුත් කොකේන් තොගයේ තිබූ අබිරහස් සිංහ සළකුණ මෑත කාලයේ කරළියට පැමිණි ‘සිංහලේ’ සංවිධානය භාවිතා කරන මුහුණත් සිංහ ලාංජනය හා සමාන බවක් පෙනී යන බව වාර්තාවේ.

බ්‍රසීලයේ සිට ගෙනා මෙම කොකේන් තොගයේ සෑම කොටසකම මෙම සිංහයා සළකුණු කර තිබෙන අතර මීට පෙර වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ද ඔහුට අනන්‍යවූ සළකුණක් දක්නට ලැබුණු අතර එය දන්නා පුද්ගලයන් වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය බවට එමගින් හඳුනා ගෙන ඇත.

අති දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් හරහා ජාතිවාදය අවුළුවන ලද ‘සිංහලේ’ නැමැති සංවිධානයට ඒ සඳහා එතරම් ධනස්කන්ධයක් ඊට පැමිණෙන්නේ කෙසේද යන්න මේ දක්වා රහසක්ව ඇත.

මෙම කොකේන් තොගය ගෙනා ව්‍යාපාරිකයා වසර 40කට අසන්න කාලයක් මෙරටට සීනි ආනයනය කරන්නෙකු වන අතර මේ වන විට ඔහුගෙන් රහස් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යයි.

coken3

coken2

coken-singhale

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.