වෙලේ සුදා සමඟ කුඩු විකුණු 17ක් ඇල්ලීමට නියෝග

Duminda_wele-sudaමහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමඟ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තවත් සැකකරුවන් දාහත් (17) දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය ඊයේ (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය.

බන්ධනාගාරගත මෙම සැකකරුවන් දුරකථන ඔස්සේ පිටත සිටින පුද්ගලයින් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවත් දැනට හඳුනාගත් එම සැකකරුවන්ගෙන් අධිකරණ නියෝග මත ප්‍රකාශ ලබා ගෙන ඇති බවට වැඩිදුරටත් රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයා වෙත පැවසීය. වෙලේ සුදා සම්බන්ධයෙන් මුදල් විශ්‍රද්ධිකරණ පනතට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද නඩුව ඊයේ (10) යළි කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පවසා සිටියේ රහස් පොලිසිය විසින් සිය සේවා දායකයින්ගේ වත්කම් හා දේපළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තහනමකට ලක්කර ඇති බවත් ඒවා තාවකාලිකව මුදා හරින ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කෙරිණි.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසිය විසින් සැකකරුවන් බාරයේ තිබී අත්අඩංගුවට ගෙන තහනමට ලක්කරනු ලැබූ භාණ්ඩ හා දේපළ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් මීලඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

ජී. ඩබ්ලිව්. සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා, සුරාෂ් අහමඩ්, සාලිය කුමාර, නිසංසලා සඳකුමාරි, සුදත් කුමාර, නදීශා නිල්මිණි, අසංක චානක ෆොන්සේකා, දිලිනි නිල්මිණි යන අය මෙම නඩුවේ සැකකරුවෝ වෙති.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *