යහපාලනයට වස කවන කක්කුස්සි කටට ඉබ්බෙක්!

toilet-mouthවත්මන් යහපාලන ආණ්ඩුවේ කිරි කළයට වැටුණු ගොම බිඳුවක් වුණු චතුර සේනාරත්න මේ වන විට ආණ්ඩුවටත්, යහපාලනයටත් කළු පැල්ලම්කරුවෙකු වී ඇත. නොමේරූ මොළ ගෙඩියකට සවි වුණු අදෝමුඛයක් වැනි වූ මුඛරි කටත් නිතර වනනා ඉරට්ටක් වැනි ඇඟිලි දෙකකුත් ඉදිරියට දමමින් වේදිකා උඩත්, මාධ්‍ය ඉදිරියේත් උන්මත්තකයෙකු මෙන් බෙරිහන් දෙන චතුර එදා ‘මර්වින් සිල්වා’ එක් කළ කළු පැල්ලම් වත්මන් ආණ්ඩුවට එක්කරන ප්‍රධාන ආරෝපකයා වී ඇත.

පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ට ඉතා නින්දිත අයුරින් බැන වදිමින්, තර්ජනය කළ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සිදුකළ එම ප්‍රකාශය මේ වන විට ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සිවිල් සංවිධානවල මෙන්ම විද්වත් වෘත්තිකයින්ගේද දැඩි පිළිකුලට සහ දෝෂදර්ශනයට ලක්ව ඇත. මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් රාශියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇති අතර ඉදිරියේ මෙම නොහික්මුණු මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතය.

එසේම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කීර්තිනාමයට කළ හානිය පිළිබඳ කථානායකවරයාට පැමිණිලි කරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.