සංශෝධනය කරන ලද රථ වාහන වැරදි සඳහා වන දඩ පත්‍රිකාව මේ වන විට කෙටුම්පත් කර අවසන් බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. එම කෙටුම්පත පෞද්ගලික බස් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්රයේ පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබද සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අමාත්‍යංශ ලේකම් නිහාල් සෝමවීර මහතා කියා සිටී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ අදාළ මණ්ඩලය ලබන 09 වනදා රැස්වීමට නියමිතය.
ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා, රථවාහන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් අංශයේ නිලධාරියෙකුගෙන් අදාළ මණ්ඩලය සමන්විත වෙයි.
එම මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කෙටුම්පත් කරන ලද සංශෝධිත දඩ පත්‍රිකාව පෞද්ගලික බස් හා ත්‍රිරෝද රථ සංගම් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තාවේ.