විමල්ටත් ඇර, අගමැතිවත් ඇන්දවූ කුප්‍රකට ‘ආශු මාර’ ජනපතිටත් හොරෙන් පැනයයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශට එල්ල වූ රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් නම ගෑවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ අතුරුදන් වී ඇති බව වාර්තා වේ. ඔහු අතුරුදන් වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැඳවීමකින් පසුව බවයි වාර්තා වන්නේ.

විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමත් සමග එම චෝදනාව සම්බන්ධයෙන් එවකට විමල්ගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්න මහතා සහ එවකට රාජ්‍ය ඉජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආශු මාරසිංහ ද අත්අඩංගුවට ගතයුතු බවට සමාජය තුළ කතාබහට ලක්විය.

මේ නිසා මොවුන් දෙදෙනා අත්අඩංගුවට නොගතහොත් රජයට දැඩි අපවාදයක් එල්ලවිය හැකි හෙයින් ආශු මාරසිංහ ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතී.

තමන් හමුවන ලෙස ජනාධිපතිවරයා ආශු මාරසිංහට දන්වා ඇති අතර ඔහු අතුරුදන් වී ඇත්තේ එම පණිවිඩය ලැබීමත් සමගයි. ඔහු මේ වනවිට දුරකතන පවා ක්‍රියා විරහිත කොට සැඟවී සිටී.

මේ අතර ආශු මාරසිංහ අත්අඩංගුවට ගෙන වීරවංශට එරෙහිව නඩුව නැවත විභාගයට ගන්නා අවස්ථාවේ ඔහුවද අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වේ.

මෙම කුප්‍රකට අංශු මාරසිංහ ජපන් ව්‍යාපාරිකයෙකුට කෝටි ගණනක මුල්‍ය වංචාවක් සිදුකර ඇති අතර එය යටගසා ගැනීමට වත්මන් රජයටත් අගමැතිවරයාටත් මුවා වී සිටින බව අප මීට පෙර අනාවරණය කර සිටියෙමු.

උපුටා ගැනීම: ලංකා නිව්ස් වෙබ්

ආශ්‍රිත පුවත්: ප්‍රවේශමෙන්! ජපනුන්ට පොලු තැබූ මාරයා අගමැති රනිල් ලඟ (විශේෂ)

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.