පොලිසියේ වරදින් බෙංගමුවේ නාලක හිමි නිදහස් වෙයි

පසුගිය 2016 නොවැම්බර් මස 7 වනදා ආබාධිත රණවිරුවන් පිරිසක් යොදාගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වු විරෝධතාවයේදී, මහජන පීඩාව ඇතිවන අයුරින් කටයුතු කිරීම සහ පොදු දේපළ හානි කිරීමේ චෝදනා යටතේ පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුලු ස්වාමීන් වහන්සේලා 5 නමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට එරෙහිව කොටුව පොලිසිය පවරා තිබු නඩුවෙන් සියලු සැකකරුවන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(27) නියෝගය ලබාදුන්නේය.

මීට අදාළ සැකකරුවන් නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කලේ පොලිසිය නිසි වගන්ති යටතේ නඩු පවරා නොමැති බවයි.

එබැවින් නිසි වගන්ති යටතේ මේ සම්බන්ධයෙන් නඩු පවරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට ප්‍රකාශකර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.