වත්මන් යහපාලනය රජය විසින් සිදුකළ අතිදැවැන්ත මුල්‍ය වංචාව වන බැඳුම්කර මුල්‍ය වංචාවේ රුපියල් කෝටි 5000 ක් ඉක්ම වූ කළු සල්ලි වලින් කොටසක් මෙම මාර්තුවේ දී මාධ්‍ය සඳහා වන ආයෝජන හරහා සුදු වන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තාවේ.
කුප්‍රකට බැඳුම්කර වංචාවේ දෙවන මොළකරුවා වන හිටපු මහ බැංකු අධිපති කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන ඇලෝසියස්ගේ ව්‍යාපාර ලෙස ආයෝජනය වන මෙම කළු සල්ලි සුදු කොට දේශපාලන බලය එක්සත් ජාතික පක්ෂය 2020 දී බලය ලබාගැනීම වෙනුවෙන් වන ව්‍යාපෘතිය අදාළ වන බව සඳහන්. මීට අමතරව දැනට ක්‍රියාත්මක ඇතැම් වෙබ් අඩවි, සමාජ ජාලා පිටු සහ මාධ්‍ය කේෂ්ත්‍රයේ දැවැන්ත පුද්ගලයින් ලංසු තබමින් මිලදී ගැනීමද සිදුකරමින් පවතී.
බැඳුම්කරයේ මෙම කළු සල්ලි සුදු කිරීමේ මෙහෙයුම මඟින් මාධ්‍ය ආයතන 02 ක් ආරම්භ වන අතර එහි පළමු අදියර යටතේ වෙබ් මාධ්‍ය අඩවි 100ක්, භාෂා තුනින්ම මුද්‍රණය වන පුවත්පත් 06ක්, රූපවාහිනි නාලිකාවක්, ගුවන් විදුලි නාලිකාවක් මීට ඇතුලත්ය.
කෙසේ වෙතත් මෙම කුප්‍රකට බැඳුම්කර වංචාව යට ගැසීමට ආදාළ ක්‍රියාදාමයන් අනාගතයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාරාවළලක් වන බව අප එදා සඳහන් කළ අතර එය දැන් සිදුවෙමින් පවතී.
People are talking about these frauds. But I have not noticed any stern action against this financial fraud. Government say since they do not have money they lease 15000Acres and Harbour of Hambantota to China. After the last budget VAT was increased and other additional expenses upon people to recover budget deficit. My problem is when average people are suffering due to financial problems in our country why these rich people connected frauds are continuing their business freely while all people notice what is happening . This is really pathetic.The cases of crimes and corruptions of large regime and continuing endlessly.