බැඳුම්කර වංචාකරුවන්ගේ මුදල් රාජසන්තක කිරීමේ සැලැස්මක්!

ජනාධිපති කොමිසමක්‌ මඟින් ඉදිරිපත් වන වාචික හා ලිත සාක්‌ෂි, සාක්‌ෂි ආඥ පනතට අනුව සිදුවන බැවින් එම සාක්‌ෂි පදනම් කරගෙන බැඳුම්කර වංචාවට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු පවරා රටට අහිමි වූ මුදල් ලබාගැනීමටත්, වරදකරුවන්ට දඬුවම් දීමටත් හැකිවන බව තාක්‌ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

එමෙන්ම බැඳුම්කර වංචා මඟින් රැස්‌කළ ධනය නිශ්චිතව හඳුනාගත හැක්‌කේ මෙවැනි ජනාධිපති කොමිසමක්‌ මඟින් යෑයි ද ඇමැතිවරයා ඊයේ (26 දා) පැවති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මෙසේ උපයාගත් මුදල් මෙම සිද්ධීන් යටපත් කිරීමට යෙදවිය හැකි බව ද මෙලෙස යටපත් කිරීමට ගන්නා සෑම ප්‍රයත්නයක්‌ තුළින්ම මහජන විශ්වාසය බිඳ වැටෙන බව අමතක නොකළ යුතු බව ද ඇමැතිවරයා කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේ ද කීය,

“ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිසමක්‌ පත්කිරීමට ගත් තීරණය අපි පක්‌ෂයක්‌ ලෙස අගය කරනවා. මෙය එතුමාට ගතහැකි දුෂ්කර තීරණයක්‌. නමුත් ජනාධිපතිවරයකු විසින් ජනතාව පැත්තෙන් රට පැත්තෙන් බලාගත යුතු සෘජු හා නිවැරදි තීරණයක්‌ මේ මොහොතේ ගෙන තිබෙනවා.

මෙම තීරණය ගත්තේ දේශපාලන වාසි මත නොව දේශපාලන අවදානමක්‌ මත බව අමතක නොකළ යුතුයි. මෙම වංචාවෙන් මුදල් හම්බ කළ අය එම මුදල් කෙසේ භාවිත කරනු ඇත්ද? අනාගතයේදී එය දැකගත හැකිවනු ඇති.

කෝප් වාර්තාව පදනම් කරගෙන නඩු පැවරීමට නම් එහිදී හෙළිදරව් වූ කරුණු සාක්‌ෂි බවට පත්කළ යුතුයි. ඊට දීර්ඝ කාලයක්‌ ගතවෙනවා. එමෙන්ම සාක්‌ෂි සටහන් කරන්නන් නිසි ලෙස කටයුතු නොකළහොත් නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්‌ෂි නොමැතිව මුළු ක්‍රියාදාමයම නිෂ්ඵල වෙනවා”.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.