දූෂණ මර්ධන ව්‍යාපාරයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ.
ඒ 2016 වසරේ ජූලි මස 15 වනදා ‘මව්බිම’ පුවත්පතේ ‘කෝටි 180ක ගල් අඟුරු වංචාවකට පාඨලී චම්පික මහතා සමබන්ධ බවට ජ.වි.පෙ පවසයි’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි. මෙහිදී අමාත්‍යවරයා විසින් නඩුව ගොනු කොට ඇත්තේ එම පුවත හේතුවෙන් තම කීර්ති නාමයට හානි වූ බව සඳහන් කරමිනි.
වසන්ත සමරසිංහ, මව්බිම පුවත්පතේ එවකට හිටපු ප්‍රධාන කතෘ තුෂාර ගුණරත්න හා එම ලිපිය ලියූ වාර්තාකරු යන තිදෙනා වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.