නව ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව හකුලා ගනී

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ‍ගෙන එනවා මිස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසෙන්නේ නැති බව සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන ඇමැති එස් බි දිසානායක මහතා පවසයි.

ජනමත විචාරණයකට නොයන සංශෝධන මගින් පවතින ව්‍යවස්ථාවේ සංහිඳයාව සඳහා අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට මේ අනුව කටයුතු කෙරෙන බවද කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට නැවත ජනවරමක් ලබාගත යුතු අතර එවැනි දෙයක් කිරීමට ජනවරමක් ශ්‍රීලනිවය ඉල්ලුවේ නැති බවද එජාපය එසේ මහ මැතිවරණයේ දී කියා බලය ඉල්ලා සිටියත් ඒ අයට අවශ්‍ය බලය ජනතාව ලබා නොදුන් බවද හෙතෙම අවධාරණය කෙළේ ය.

මේ අනුව ජනමත විචාරණයකට නොයන උපරිම සංශෝධන කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පලකර ඇති බව ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.

නිසි ජනමතයකින් තොරව 1972 හා 1977 ව්‍යවස්ථා ගෙන ඒමෙන් 1947 ව්‍යවස්ථාවේ පැවැති සුළු ජාතික හා අන්‍ය ආගමිකයින් ට වූ යම් බලතල වෙනසකට පත් වූ බව සඳහන් කළ දිසානායක මහතා වර්ෂ 2000 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිවතිනියගේ ආණ්ඩුව සමයේ පුළුල් ජනමතයකින් ගෙනා ව්‍යවස්ථාව ඉදිරියට ගෙනයාමට නොහැකි වූ බව පැවසී ය.

නමුත් නව ව්‍යවස්ථාවක් සැකසීම වෙනුවෙන් මහජන මතය විමසා අදහස් ලබාගනිමින් යාහැකි දුරක් යාමේ වැදගත්කමක් ඇතැයි ද කීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.