ලොතරැයි දෙකම ජනපති යටතට

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතට පවරා ගැනීමේ සූදානමක් පවතින බව ලොතරැයි මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. අමාත්‍යවරයා සහ ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට දින පැවැත්වීමට නියමිතය.

මීට පෙර ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යවරයා ලෙස ක්‍රියාත්මක වූයේ ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේය. මුදල් ඇමැතිවරයා විසින් ලොතරැයි සඳහා පනවා තිබෙන රුපියල් 5 බද්ද ඉවත් කරන ලෙසත් ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලබාදීමට ජනාධිපතිවරයා වහා මැදිහත් වන ලෙසත් ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

-මව්බිම-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *