මහින්දගෙන් බන්දුලට වාරණයක්!

ඒකාබද්ධ විපක්ෂය මඟින් ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී බී.බී.සි.යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ අරාජිකවූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තාවකාලික වාරණයක් පනවා මාධ්‍ය වාරණයක් පනවා ඇත.

පසුගිය කාලය පුරාවට බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවලදී පිළිඹිබු කළ අසාර්ථකත්වයත්, ඊයේ දිනයේ මුහුණදුන් දුර්වලතාවයත් හේතුවෙන් බන්දුලව ටික දිනකට මාධ්‍ය හමුවලින් ඉවත් කොට විවේක ගන්වන ලෙසත් ඒ වෙනුවට මහින්දානන්ද අලුත්ගමගේම ඉදිරියට යොමුකරන ලෙසටත් කු.පා.ම.මහින්ද මහතා පොහොට්ටුවේ සභාපති ජී.එල්.පීරිස් මහතාට උපදෙස් දී ඇත.

පෝට් සිටි ව්‍යාපෘතියට අදාල ගිවිසුමෙන් චීන සමාගමට සින්නක්කරව ඉඩම් ලබාදීමට පසුගිය මහින්ද රාජපක්ෂ රජය එකඟ නොවුණු බවට පසුගිය 10වනදා පැවති මහින්ද පිලේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අවධාරණය කර සිටි අතර එලෙස ගිවිසුමක් ඇත්නම් පෙන්වන ලෙසද අදාළ ප්‍රශ්නය යොමු කළ බීබීසී මාධ්‍යවේදියාට අභියෝගයක්ද කළේය.

කෙසේ නමුත් ඊයේ(17) පැවති මාධ්‍ය හමුවේදී බීබීසියේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් මහතා අදාළ ගිවිසුම බන්දුල ගුණවර්ධන මහතා යොමු කරමින් නැවත අදාළ ප්‍රශ්නය යොමු කළ අතර එහිදී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ “මම කිව්වේ දැනට තියෙන මහ පොළවෙන් ඒකාලේ සින්නක්කරව දුන්නේ නැහැ කියලා, පෝට් සිටිය කියන්නේ අලුතෙන් හැදෙන ගොඩබිමක්” යනුවෙනි.

කෙසේ නමුත් ජනවාරි 10 පැවති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ පෝට්සිටියෙන් සින්නක්කරව ඉඩම් ලබාදීමට ගිවිසුම් ගතව නැති බවය. එහෙත් අද ඔහු එම ගිවිසු බලමින් ප්‍රකාශ කර ඇත්තෙ තමන් එය දුටුවේ අද බවත් මේ දෙන්නේ මුහුදු ගොඩ කිරිමෙන් හැදෙන භූමියක් මිස මෙතෙක් පැවති භූමියක් නොවන බවයි. කෙසේ නමුත් එම මුහුදු සීමාවද ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.