මහින්ද අඩියක් පස්සට ගනී..

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ තම සහචරයින් ප්‍රමුඛ අසරණ ජනතාවට දවල් සිහින පෙන්වමින් ගෙන යන දේශපාලන ව්‍යාපාරය තුළ අරඹන ලද ‘පොහොට්ටු’ පක්ෂයේ තමන් නොමැති බව ඊයේ (06) ප්‍රකාශ කරන ලදී.

කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මාධ්‍යය හමුවක් ඊයේ(06) එතුමාගේ කාර්යාලයේදී පැවැත්විණ. මාධ්‍යය සාකච්ඡාව ආරම්භ වීමට ප්‍රථම මහින්ද රාජපක්ෂ මහතා සිය මේසය මත තිබු නෙලුම් පොහොට්ටු සහිත මල් බදුන එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසත් එම බදුන ජි.එල්.පීරිස් මහතා පැමිණි අවස්ථාවක දෙන ලෙසත් පවසා සිටියේය.

කු.පා.ම.මහින්ද රාජපක්ෂ විසින්ම මහත් ප්‍රසිද්ධියක් ලබා දෙමින් ජනතාව අවුස්සමින් ආරම්භ කරන ලද ‘පොහොට්ටු පක්ෂය’ වෙනුවෙන් මහින්ද හෝ ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම තුළ මහින්දගේ වත්මන් දේශපාලන අරාජිකභාවය මැනවින් පෙන්නුම් කරයි. මෙම සිදුවීමට ආදාල වීඩියෝව පහතින්.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.