මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත්වූ පරාජිත වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ එදා මෙන් අදත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිහිට සහ සහය දිගින් දිගටම අයදිමින් සිටී.
අද(27) මහින්දගේ “පෙරළියක ඇරඹුම” රැළියේ සිදුකළ පූර්ව ප්‍රචාරක පටය සඳහාද යොදාගෙන තිබූණේ එදවස වත්මන් ජනාධිපතිවරයා සිදුකළ කතාවක පසුබිම් හඬයි. පරාජිත මහින්දගේ දේශපාලනය ඒතරම් පහත් බංකොලොත්, අසරණ තත්වයට වැඳ වැටී ඇති බවට ඊට වඩා කවර නම් සාක්ෂිද..?
මීට පෙර පසුගිය ජනාධිපතිවරණයේදීද මහින්ද සහ සහචරයින් ජනතාව මුලා කිරීම සඳහා යොදා ගනු ලැබුයේද මෙවැනි හඬපට සහ විකට චරිතයන්ය. ඒවා සියල්ල මහින්දගේ පරාජය සඳහා තීරණාත්මක ලෙස බල පෑ බව පැහැදිලි විය.